පල්ලෙබැද්දේ ඉබේ ගිනිගන්නා නිවසක්


පල්ලෙබැද්දේ 
ඉබේ ගිනිගන්නා නිවසක්

පල්ලෙබැද්ද ගල්පාය ප්‍රදේශයේ පිහිටි නිවසක ඉබේ ගිනිගැනීම් හටගැනීමේ සිද්ධියක් නිසා ආන්දෝලනයක් ඇතිව තිබේ.
මෙම නිවසේ වාසය කරන අය පවසා ඇත්තේ මෙම ගිනිගැනීම් නිසා නිවසේ පරිහරණය කරන අල්මාරියක් ඇතුළු ගෘහ භාණ්ඩ හා ලිපිලේඛන ආදිය දැවීගිය බවයි.
මෙම අහඹු සිදුවීම කලබලයට පත් නිවැසියන් 
අත්‍යවශ්‍ය ලිපි ලේඛන අසල්වාසී නිවසක අල්මාරියක් මත තැන්පත් කර ඇත්තේ ආරක්ෂාවටය. නමුත් ඔවුන් මවිතයට පත් කරමින් ඒවාද ගිනිගෙන ඇත.
ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන දයාරත්න මහතාගේ නිවසේ මෙම සිද්ධිය සිදුව ඇත. ඔහු ඒ ගැන මෙසේ පවසයි.
‘මුලින්ම
පහුගිය 14 වනදා හවස 5 ට විතර කොප්පරා මඩුවෙ තමා ගින්න හටගත්තෙ. අපි වතුර දාලා ගින්න නිවුවා.ටික වේලාවකින් නිවසේ අල්මාරිය ගිනිගත්තා. ඒකත් ඒ සැරේ වතුර දාලා නිව්වා. අපි එළියට ඇවිත් බයේ හිටියේ නිවසේ ඇතුලෙ කවුරුවත් හිටියෙ නෑ. පුදුමෙ කියන්නේ ඒ සැරේ මේසයක් යටින් ගින්නක් ඇවිත් තිබුණා.
මේ ආකාරයේ සිදුවීම් 14 ,15 දවස් දෙකේම සිදුවුණා. අපේ දූ ලිපි ලේඛණ ටික අල්ලපු ගෙදර අල්මාරියක් උඩින් තියල ඇවිත් පස්සෙ බලද්දි ඒකත් ගිනිඅරන්‘
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය අමනුස්ස බලවේගයක් නිසා සිදුවන දෙයක් බවයි.
නමුත් කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂඥ මනෝ වෛද්‍ය නවීන් රන්වැල්ල අදහස් දක්වමින් කියන්නේ මෙය මිනිස් ක්‍රියාකාරකමක් විය යුතුම බවයි. කිසිවෙකු හිතාමතා ගිනිගැබීමකින් මිස වෙනත් දෙයකින් මෙවැන්නක් සිදුවීමට ඉඩක් නැති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment