රජයේ ආයතනවලට අද සිට ලොකු වෙනසක්

රජයේ ආයතනවලට අද සිට ලොකු වෙනසක්

ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ අද (09) දින සිට ආරම්භ කෙරේ. 

මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කරන අතර එහි පළමුවැන්න අද දින (09) පෙරවරු 8.00ට මුදල් අමාත්‍යාංශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

ඉදිරි වසර දෙකක කාලය තුළ රජයේ සියලු ගොඩනැගිලි සූර්ය බලය වැනි හරිත බලශක්ති ප්‍රභවයන්ට පරිවර්තන කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා ආරම්භක පියවර ලෙස මෙවර අයවැය මගින් රුපියල් මිලියන 350ක මුදලක් ඊට වෙන් කර ඇත.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment