පක්ෂය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙසට අතුරලියේ රතන හිමියන්ට දැන්වූ බව හෙළ උරුමයයේ සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.
අදාළ
දැනුම්දීම මේ වන විට රතන හිමි වෙත යවා ඇති බවද උන් වහන්සේ මෙහිදි සඳහන් කර සිටියේය.
රතන හිමියන්ට මන්ත්‍රීධුරය ලබාදුන්නේ පක්ෂය වෙනුවෙන් වැඩකරන බවට වූ පොරොන්දුව මත බවද උන් වහන්සේ සඳහන් කළේය.
කෙසේ වෙතත් රතන හිමියන් ප්‍රකාශ කළේ තමන් කිසිදු පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටිමින් ස්වාධීනව මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment