හම්බන්තොට විරෝධය මෙල්ල කළාට ජවිපෙන් ආණ්ඩුවට දෝස්මුරයක්


ඊයේ හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ඇතිවූ මහජන උද්ඝෝෂණ මෙල්ල කළ ආකාරය විවේචනයට ලක්කරමින් ජවිපෙ අද 8 මැධ්‍ය හමුවක් පැවැත්වුවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙ සේ ඒ  ගැන කියා ඇත.

“ඊයේ හම්බන්තොට ජනතාව පක්‍ෂ භේදයෙන් තොරව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් දියත් කළා. ගමෙන් ගමට නිවසෙන් නිවසට ජනතාව මෙම උද්ඝෝෂණයට එකතු වුණා. ආණ්ඩුව හම්බන්තොට ප්‍රදේශයේ මහා භීෂණයක් ඇති කළා. හමුදාව පොලීසිය කැඳෙව්වා. මට්ටක්කුලි කුරුණෑගල ගාල්ල මාතර මැරයෝ,
ඇමතිලාගේ ගෝලයෝ 06වැනිදා රාත්‍රියේ සිටම ප්‍රදේශවාසීන් බියවැද්දීම් කළා. පොලීසිය පාරවල් වහලා බැරියර් දැම්මා. මේ නිසා ජනතාව කෝපයට පත්වුණා.
ජනතාව ප්‍රතිචාර දැක්වුවා. ආණ්ඩුවේ නිල නොවන මැරයො නිල පොලීසිය හමුදාව එක්වී හම්බන්තොට ජනතාවට දියත් කළ මැර ප්‍රහාරය ඉතාම අමානුෂික ම්ලේච්ඡ පප්‍රහාරයක්. තමන්ට අයිති ඉඩම රැකගන්න උද්ඝෝෂණය කළ හම්බන්තොට ප්‍රදේශයේ පාරම්පරික ඉඩම් හිමි අම්මලාට තාත්තලාට තමයි ආණ්ඩුව මේ විදිහට පහර දුන්නේ. ආණ්ඩුවේ මර්දනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකිනවා. ජනතාවට පහර දීලා, තර්ජනය කරලා මේ සටන යටපත් කරන්න බැහැ. සිය දහස් ගණනක් ජනතාව සමඟ මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගිටිනවා. පෙළ ගැහෙනවා.”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment