FCIDයේ ලොකු පුටුවට අලුත් ලොක්කෙක්

FCIDයේ ලොකු පුටුවට අලුත් ලොක්කෙක්

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී. ප්‍රියන්ත මහතාව පත් කර තිබේ. 

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් විසින් ඊයේ (05) මෙම පත් කිරීම සිදු කර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ දින රැස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මෙම පත් කිරීම සිදු කළ බව වාර්තා වේ. මෙම සාකච්ඡාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද සහභාගි වී ඇත. 

මීට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති සී.ඒ. ප්‍රේමශාන්ත මහතා මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා මෙලෙස පත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment