වසර 100 කට ආසන්න සම්ප්‍රදාය කඩමින් ට්‍රම්ප් මාධ්‍ය රාත්‍රී භෝජනයට නොඑන බව කියයි


ඇමරිකාවේ ජනපතිවරුන් වාර්ෂිකව සහභාගී වන ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංසදයේ රාත්‍රී භෝජනය (White House Correspondents' Association Dinner ) තමා වර්ජනය කරන බව ට්‍රම්ප් සිය ට්විටර් ගිනුම ඔස්සේ ඊයේ නිවේදනය කළා.
1921 සිට සාම්ප්‍රදායිකව සෑම වසරකම මෙම රාත්‍රී භෝජනය
ධවවල මන්දිරයේදී පවත්වන්නේ එරට සියලුම මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙනි. එම අවස්තාවේ මාධ්‍ය වේදීන්ට සම්මාන ප්‍රදානයක්ද සිදු කෙරේ.

සියවසකට ආසන්න ඉතිහාසය තළ සියලුම ඇමරිකානු ජනපතිවරුන් මෙයට නොවරදවාම සහභාගී වන අතර එක් අවුරුද්දක පමණක් හිටපු ජනපති රොනල්ඩ් රේගන්ට පමණක් එයට එන්නට බැරිව ගියේ ඔහු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගතව සිටි නිසා පමණි. කෙසේ වෙතත් ජනපති-මාධ්‍ය සහසම්බන්ධය වැදගත් යයි සිතන නිසා මෙම අවස්තාව මගහරින්නට කිසිවෙකුට උවමනාවී තිබුනේ නැත.

නමුත් පසුගියදා ඇමරිකානු ජනපති ට්‍රම්ප් ධවල මන්දිරය බීබීසී සීඑන්එන් ඇතුළු මාධ්‍ය වලට තහනම් කලාපයක් කිරීමෙන් පසු මෙම තීරණයද එහි දිගුවක් ලෙස ලබාගෙන තිබේ.
ඒ අනුව ලබන අප්‍රේල් 29 ට දින යොදා තිබෙන එම අවස්ථාව තමා මගහරින නමුත් එයට එන්නැයි ඔහු මාධ්‍ය වේදීන්ට දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment