පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට

පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය දුන් එම පීඨයේ දෙවන වසර සිසුන් 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පළමු වසර සිසුන් මෙගොඩකළුගමුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් නවකවදය ලබාදෙන බවට පේරාදෙණිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් නවක වදය ලබාදෙමින් සිටි දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අද (20) අලුයම 2.15 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට නවක වදයට ලක්වූ සිසුන් අටදෙනෙකුද පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment