ආණ්ඩුවේ වරදක් ගැන චන්ද්‍රිකා හෙළි කරයි

ආණ්ඩුවේ වරදක් ගැන චන්ද්‍රිකා හෙළි කරයි

වත්මන් ආර්ථිකයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමට ආණ්ඩුව අපොහොසත්වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ(19) නිට්ටඹුවේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

වැඩ කරනවා මදි කියා ජනතාව ආණ්ඩුව දෝෂාරෝපණය කරන බවත් එය සත්‍ය බව තමාද පිළිගන්නා බවත් හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

මහින්ද රාජපක්ෂ රජය තිබුණේනම් සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටෙන බවත් වත්මන් රජය නිසා ආර්ථිකය බේරුණු බවත් රජයේ කවුරුත් මේ පිළිබඳ තේරුම් නොකරන බවත් තමා ඒ පිළිබඳ ප්‍රකාශ කරන විට කියන්න එපා යැයි ප්‍රකාශ කරන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment