අමෙරිකානු ඩොලරය 152 සීමාව ඉක්මවයි 

අමෙරිකානු ඩොලරය 152 සීමාව ඉක්මවයි 

අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් සඳහා වන ශ්‍රී ලංකා විනිමය ප්‍රමාණයේ සීඝ්‍ර වැඩි වීමක් අද (21) වාර්තා වී තිබේ. 

එහිදී ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 153 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් ගැනුම් මිල රු. 149.68 ක් ලෙසත්, විකුණුම් මිල රු. 153.44 ක් ලෙසත් ශ්‍රීලංකා මහ බැංකු විනිමය අනුපාතයන්හි වාර්තා විය. 

මෙය ඊයේ (20) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වූ ගැනුම් මිල වූ රු. 149.15 හා විකුණුම් මිල රු.152.88 හා සැසඳීමේ දී පිළිවෙලින් සත 53 ක හා සත 56 ක ඉහළ යාමකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනේ මේ බව සඳහන් වේ.

No automatic alt text available.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment