සයිටම් වර්ජන නිසා අද දකුණු පළාතෙම රෝහල් අඩපණයි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් සයිටම් ආයතනයට විරෝධය දක්වා උදේ 8.00 සිට දහවල් 12.00
දක්වා දකුණු පළාතට අයත් හම්බන්තොට,
මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් තුළ වෘත්තීය
ක්‍රියාමාර්ගය දියත් කර තිබෙන අතර හදිසි සේවා පමණක් සිදුකරන තත්වය තුළ රෝගීන් අසරණ වී ඇත.
දකුණු පළාත් රෝහල් තුළ ආරම්භ කර තිබෙන වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයට හා
සායනවලට පැමිණ රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව බැණ වදිමින් සිටින බව වාර්තාකරුවන් සඳහන් කළා.
කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුනොකර උදේ 8.00 සිට මෙම වර්ජනය ආරම්භ කර තිබෙන බව ඔවුනගේ චෝදනාවයි.

සයිටම් හරහා ජනතාවට ජීවත්වීමේ අයිතිය අහිමි වන නිසා ජනතා ජීවිත සුරක්ෂිත කරගැනීමට මෙම
ක්‍රියාමාර්ග සිදුකරන බවද GMOAලේකම් වෛද්‍ය නවින්ද සොයිසා  සඳහන් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment