සරසවි සිසුන් 21 දෙනාට ඇප

සරසවි සිසුන් 21 දෙනාට ඇප

අධිකරණ නියෝග උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන් විසි එක්දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබේ.

අධිකරණ නියෝග නොතකා මහජන පීඩාවක්‌ වන පරිදි හා මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බව කියමින් වෛද්‍ය විද්‍යාල හා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලයේ ක්‍රියාකාරීන් 21 දෙනකු පොලිසිය විසින් ඊයේ (02) පස්‌වරුව වන විට අත්අඩංගුවට ගැනිණි.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අද දිනයේ පැය 4 ක් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment