පාර්ලිමේන්තුවේ බහුතරය නැති පුද්ගලයකු අගමැති ධුරයට පත් කිරිමෙන් ජනාධිපතිවරයා ගත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාදාමයට විරෝධය පළ කරමින් අඟහරුවාදා (30) කොළඹ දී 'හොර අගමැති ඉවත්කරන්න' දක්වමින් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී
මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය දැක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹට කැදවන බවද මන්ත්‍රීවරයා කීවේය.
ඇතිවු දේශපාලන කුමන්ත්‍රණය පසුව එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිරිහැර කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බවත් මේ හිංසා කිරිම් නවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
නව අගමැතිවරයකු පත් කරන්නේ නම් ඔහු පළමුවෙන්ම පාර්ලිමේන්තුවට බහුතරය පෙන්විය යුතු බවද ඔහු පැවසීය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment