මහින්ද නිසා කොත්තු ප්ලේන්ටි බත් පැකට් මිල පහළට

https://www.gossiplankanews.com/2018/10/mahinda-koththu-price-reduced.html
වතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින්  හෙට (29) සිට ආහාර කිහිපයක මිල ගණන් පහළ දැමීමට  සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ.
 ඒ අනුව බත් පැකට් සහ කොත්තු  යන ආහාර වල මිල  රුපියල් 10 කින්
පහළ දැමීමට තීරණය කර ඇති අතර

ප්ලේන්ටියක මිල  රුපියල් 05 කින් අඩුවනු ඇති බව  සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
පිළිබඳව අදහස් දක්වන අසේල සම්පත් මහතා මෙලෙස පැවසීය. 
"දැන් අපිට බලාපොරොත්තු සහගත වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ තීන්දු සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම පිළිබඳ පූර්ණ විශ්වාසයක් අපිට තියෙනවා.  අපි මේ තීරණයත් ගත්තේ බලාපොරොත්තු දැල්වීමක් විදිහටයි.‘
ඊට අමතරව අත්‍යවශ්‍ය  ආහාර ද්‍රව්‍ය  බද්ද අඩු කළ යුතු බවත්  අහාර මිල පාලනය කර  ජනතාවට  වැඩි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment