මාව ආරක්ෂක ලේකම් කරන්න යන මාධ්‍ය වාර්තා අසත්‍යයි - ගෝඨාගෙන් ප්‍රකාශයක්


තමන් වත්මන් රජයේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
මහතා පවසයි.


විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ වත්මන් රජයේ ආරක්ෂක ලේකම් ධූරය හෝ වෙනත් තනතුරු භාරගන්නා බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.

මීළග ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කිරීමට නියමිතව ඇතැයි අද ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණි. මේ වන විට ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කපිල වෛද්‍යරත්න මහතා කටයුතු කරන අතර ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන සතියේදී වැඩ බාරගැනීමට නියමිත බවද එහි සටහන් විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment