උඩරට දුමිරිය මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුමිරිය ස්ථාන දෙක අතර හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ රකෂිතයේ හටගත් ගින්නකින් අක්කර තුනක් පමණ ගිනි ගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පවසයි.
අද (08) දහවල් 12 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පවතින වියළි කාළගුණයත් සමග ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.
ඉලූක් සහිත මෙම රකෂිතයේ පැතිර ගිය ගින්න මේ වන විට නිවි ගොස් ඇත.
මෙම ගින්න දුමිරිය මාර්ගය අසලට පැතිර ගියද ඉන් දුම්රිය ධාවනය කිසිදු බාධාවක් වී නොමැත.්
- හැටන් රංජිත් -
0 comments :
Post a Comment