ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න්හි ගුවන් අනතුරකින් 5 ක්මරුට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි 'ඒසන්ඩන්' ගුවන්තොටුපළින් පිටත්වූ
කුඩා ගුවන් යානයක් ගුවනට නංවා සුළු මොහොතකින් යාන්ත්‍රික දෝෂයක් පෙන්නුම් කර ගුවන්තොටුපළ අසලම වූ සාප්පු සංකීර්ණයකට කඩා වැටී ගිනිගෙන තිබේ. මෙම අනතුරින් යානයේ සිටි 5 දෙනාම මියගොස් තිබේ.
එම යානයේ ඇමරිකානු මගීන් 4
දෙනෙකු සහ ඕස්ට්‍රේලියානු නියමුවා ගමන් කර තිබුණි. ඔවුන් ගොල්ෆ් ක්‍රීඩාවකට සහභාගීවීමේ චාරිකාවක නිරතව ඇත.
යාන්ත්‍රික දෝෂයක් පවතින බවට ගුවන් නියමුවා විසින් පාලක මැදිරියට දැනුම් දෙනු ලැබූ නමුත් කිසිවක් කරගන්නට වෙලාවක් නොතබාම අනතුර සිදුව ඇත.
යානයේ අය මියගියද කඩා වැටුණ ස්ථානයේ සිටි කිසිවෙකුට තුවාලයක් හෝ සිදුව නැත.
පහත වීඩියෝ වල දැක්වෙන්නේ යානාව ගිනිගනිමින් තිබෙන අයුරු හා දෙවැන්නේ දැක්වෙන්නේ වාහනයක ඩෑෂ්කැම් එකක එම අනතුර සටහන්වූ අයුරුය


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment