තුන්වන T20 තරගය අද කලින් 12.30 ට -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවසන් තරගය අද දිිවා / රාත්‍රි තරගයක් ලෙස ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
එම ප්‍රදේශයේ වේලාව අනුව
වෙනදාට පෙර මෙම තරගය ආරම්භ වන බැවින් ලංකාවේ වේලාවෙන් දහවල් 12.30ට එය ඇරඹෙනු ඇත.
මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග වදින ප්‍රථම විස්සයි - 20 තරගය මෙයයි.
පසුගිය තරගයේ පෙන්වූ දස්කම් එලෙසම පෙන්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට අද හැකිවනු ඇත.
අද තරගයේදී සත්කාරක ඕස්ට්‍රේලියානු පිලේ එක් වෙනසක් කරමින් දඟපන්දු යවන ඇඩම් සැම්පා යළි කණ්ඩායමට එක්කර ඇත.
මේ අතර නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීම හේතුවෙන් ඔහුගේ ආරම්භක පිතිකරු ස්ථානයට ඩිල්ෂාන් මුණවීර පැමිණෙනු ඇත. ඇති වූ අඩුව පිරිමැසීමට ශ්‍රී ලංකා පිලට ලක්ෂාන් සඳකැන් කැඳවා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment