බොරලැස්ගමුවේ නිවසේ ඇතිවූ බහින්බස්වීමෙන් පසු RDA තරුණයා අයියාගේ පිහි පහරින් මරුට

බොරලැස්ගමුව අධිකරණ මාවතේ නිවෙසක සොයුරන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසු වැඩිමහල් සහෝදරයා බාල සහෝදරයාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය වී ඇත්තේ
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු

අමිල අරවින්ද බුලත්ආරච්චි (34) නමැති අවිවාහකයෙකි.
මෙසේ මරුමුවට පත් වූ බාල සහෝදරයා සිය මවුපියන් හා අනෙකුත් සහෝදරයන් සමඟ එකම නිවෙසක පදිංචිව සිටින අතර වැඩිමහල් සහෝදරයා එයට යාබදව පිහිටි කුඩා කාමරයක කල් ගෙවා ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සැකකාර වැඩිමහල් සහෝදරයාට තිබෙන රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගන්නා ලෙස බාලසහෝදරයා කියද්දී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව වැඩිමහල් සහෝදරයා ඔහු නවාතැන් ගෙන සිටි කාමරය වෙත ගොස් සිටියදී එම ස්ථානයට පැමිණි බාල සහෝදරයා ඔහු සමඟ නැවතත් බහින්බස් වී ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ පපුවට පිහියෙන් ඇන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
එම අපරාධයට සම්බන්ධ වැඩිමහල් සහෝදරයා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර පිහියද පොලිසිය භාරයට ගෙන ඇත.
බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් මධුසංඛ (152) හා නයනජිත් (39734) මහත්වරු පරීක්ෂණ පවත්වති.

(කොළඹ - එම්.සී. පෙරේරා, බොරලැස්ගමුව - තිසීන්ද්‍ර පතිරණ, නුගේගොඩ - ප්‍රසන්න ප්‍රියදර්ශන)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment