අභිමානවත් 69 වැනි නිදහස්‌ සමරුව ඇරඹෙයි

අභිමානවත් 69 වැනි නිදහස්‌ සමරුව ඇරඹෙයි

'ජාතික සමගිය' තේමා කරගෙන පැවැත්වෙන අභිමානවත් 69 වැනි නිදහස්‌ සැමරුම් උළෙල මේවන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොරදී පැවැත්වේ.

පසුගිය 02 දා රාත්‍රි 9.30 ට නිදහස්‌ චතුරශ්‍රයේ නිදහස්‌ මන්දිරයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ විය.

ඊයේ (03) බම්බලපිටිය වජිරාරාම විහාරස්‌ථානයේදී පෙරවරු 7.00 ට සංඝගත දක්‌ෂිණාවකි.

අද (04) පෙරවරු 6.30 ට බෞද්ධ ආගමික වතාවත් - කොළඹ පොල්වත්ත ධර්මකිර්ත්‍යාරාම විහාරස්‌ථානයේදී ද, හින්දු ආගමික වතාවත් - කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරන් කෝවිලේදී, ඉස්‌ලාමීය ආගමික වතාවත් කොළඹ - 12 මහ පල්ලිය දේවස්‌ථානයේදී ද, කතෝලික දේව මෙහෙය - තිඹිරිගස්‌යාය ශාන්ත තෙරේසා දේවස්‌ථානයේදී ද, ක්‍රිස්‌තියානි දේව මෙහෙය බොරැල්ල ශාන්ත ලූක්‌ දේවස්‌ථානයේදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

පෙරවරු 7.30 ට මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර පැවැත්වේ. පෙරවරු 8.00 ට ගාලු මුවදොර පිටියේදී ආරාධිත අමුත්තන් සිය ආසනවල අසුන්ගැනීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ යුවළ උළෙලට සම්ප්‍රාප්තවීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය පෙරවරු 8.45 ට සම්ප්‍රාප්ත විය.

මඟුල් බෙර වාදනය සහ සක්‌හඬ පිඹීම මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික කොඩිය එසවීම පෙරවරු 8.50 ට සිදුකිරීමට නියමිතය. අනතුරුව පාසල් සිසුන් 110 කගේ සහභාගීත්වයෙන් සිංහල හා දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම සිදුකෙරේ.

ජනාධිපති උත්තමාචාර සිදුකිරීම පෙරවරු 09.12 ට සිදුකෙරෙන අතර අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර 21 ක්‌ පැවැත්වීම සිදුකරන අතර ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පෙරවරු 9.18 ට සිදුකිරීමට නියමිතය.

පෙරවරු 9.48 ට යුද, නාවික, ගුවන් හමුදාවන් සමඟ පොලිසිය ද, සිවිල් ආරක්‌ෂක බළකායේ සාමාජිකයන් 7882 ක ගේ සහභාගිත්වයෙන් ආචාර පෙළපාලිය පැවැත්වේ. දහවල් 12.00 ට නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25 ක්‌ පිරිනැමීමෙන් පසු උත්සවයේ වැඩකටයුතු සමාප්ත වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment