ජීවය ඇති බවට සැක පෘථිවියට සමාන ග්‍රහලෝක 7ක් සොයා ගැනේ - ගූගල් මුල් පිටුවටත්



ඊයේ නාසා ආයතනය නිකුත් කළ අතිවිශේෂ පුවත මගින් පෘථිවියට සමාන ග්‍රහලෝක හතක්  සොයාගෙන
තිබෙන බව නිවේදනය විය.
මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වන බව එහිදී පවසන ලදි.
මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන තිබුණද එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.
මෙමඟින් පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව නව බලාපොරොත්තු තබාගත හැකි බවනාසා විද්‍යාඥයන්ගේ මතය වී ඇත.අදාළ ග්‍රහ ලෝක මණ්ඩලය ආලෝක වර්ෂ 40ක දුරින් පවතින බවද කියැවේ.
NASA ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රහ ලෝක 7න් 3ක් ජලය සහ වාතය ඉතාම හොඳ තත්වයක පවතින මිනිස් වාසයට සුදුසු මට්ටමක පවතින බවට සාක්ෂි ඇති බවයි.
මෙම විශේෂ සොයාගැනීම අද ගූගල් මුල් පිටුවද සරසා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment