සයිටම් හොඳයි කියා ලේ වලින් අත්සන් කරන්න හැදූ මහාචාර්ය කාලෝගේ ඩබල් ගේම තේරුම් ගන්න බෑ

සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිළිබඳව ලේවලින් සහතිකයක් ලබාදීමට හැකි බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ වර්තමාන හැසිරීම
ගැන පුදුමයට පත්වන
බව මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කීර්ති අත්තනායක මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපන නිදහස සඳහා වූ ජාතික ව්‍යාපාරය ඊයේ (22දා) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසූ අත්තනායක මහතා මීට ඉහතදී සයිටම් ආයතනයේ දින තුනක නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් එම ආයතනයේ ආචාර්ය මණ්ඩලය සහ සිසුන් ඉදිරිපිටදී කාලෝ ෆොන්සේකා මහතා එම ප්‍රකාශය සිදුකළ බව කීය.

දේශපාලන න්‍යාය පත්‍රයට යට නොවී දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින ලෙසටත්, අදාළ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසටත් කීර්ති අත්තනායක මහතා අභියෝගයක්ද කෙළේය.

සයිටම් ආයතනයේ සිසුන් ලියාපදිංචි කරන ලෙස අධිකරණය මඟින් තීන්දුවක් දී ඇති මොහොතක සයිටම් ආයතනය වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඇතැම් අවස්ථාවලදී සයිටම් ආයතනයේ මහාචාර්යවරුන් රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ට දේශන ලබාදීමට සහභාගි වූ මොහොතක ප්‍රමිතිය පිළිබඳව කතා කිරීම ගැටලුවක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
(සිදත් මෙන්ඩිස්)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment