සිසුවකුගේ කණ පැලු සබරගමු සරසවි සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි


සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකු එම සරසවියේ එම වසරේම සිසුවෙකුගේ කණ පැලෙන්න පහරක්
දී මාස ගණනාවක්
යනතුරු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නට සිදුවූ සිදුවීමක් නිසා ඔවුනගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පරිපාලනය තීරණය කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ශිෂ්‍ය නියෝජිත රැස්‌වීමකට සහභාගි නොවූ හේතුවක් මත බහින්බස්වීමක් ඇතිවී පසුව ගුටිබැට හුවමාරුවකට ගොස් මෙම විපැත්තිය සිදු කර තිබේ. සබරගමු  විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ.
පහර කෑමට ලක්‌වූ සිසුවා දෙබරවැව ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment