මත්පැන් නැති බිග්මැච් බම්බලපිටියෙන්



මත්ද්‍රව්‍ය සහ මද්‍යසාරවලින් තොර බිග් මැච් සංස්කෘතියක් වෙනුවෙන් සුවිශේෂී බිග්මැච් තරඟාවලියක් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරී වැඩසටහනක් බම්බලපිටිය හින්දු විද්‍යාලය විසින් සිදු කිරීමට නියමිතය.
විදුහල්පතිවරයා
මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ සුවිශේෂී මඟපෙන්වීම මත බම්බලපිටිය හින්දු විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ද අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව  බම්බලපිටිය හින්දු විද්‍යාලයේ විදුහල්පති ටී.පී.පරමේෂ්වරම් මහතා පවසයි.

මේ සඳහා යාපනය හින්දු විද්‍යාලයද සහභාගී වීමට නියමිත අතර කොළඹ  අවට පාසල් 35කට ආරාධනා කර තිබෙන බව ද විදුහල්පතිවරයා පැවසී ය.

මාර්තු 2 සිට 4 වැනි දින දක්වා මෙම  වැඩසටහන ක්‍රියාත්මක වෙයි. දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවාගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රමුඛ අරමුණ බව ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසන්න වරුන් මහතා පැවසී ය.

පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් ෆුට් බෝල් තරඟාවලියක්, ක්‍රිකට් තරඟවලියක් සහ '' මත්ද්‍රව්‍යවලින් තොර ක්‍රීඩාවක්'' තේමාව පෙරදැරිව පාගමනක් පැවැත්වීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment