‘ඇඹරියන් තොපි වාහනයකට‘ කියා විමල් වෙනුවෙන් සීනිගමදී වස්කවි

‘ඇඹරියන් තොපි වාහනයකට‘ කියා 
විමල් වෙනුවෙන් සීනිගමදී වස්කවි


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට බොරු චෝදනා නඟා සිරගත කිරීමට එරෙහිව
හික්කඩුව සීනිගම දේවාලයට පැමිණි සන්ධානයේ මන්ත්‍රිවරුන්  පිරිසක්

දේව කන්නලව්වක් කොට පොල්ගසා යහපාලන රජයට එරෙහිව වස්කවි කියා තිබේ.
ඒ මෙසේය
පුපුරපන් රුදු බෝම්බය හෙට විමල් සොයුරට කරන විනයට
ගැස්සියන් ගිනි අවිය පපුවට විමල් සොයුරට කරන විනයට
ඇඹරියන් තොපි වාහනයකට විමල් සොයුරට කරන විනයට
පුපුරපන් හෙණ හතක් ඔළුවට විමල් සොයුරට කරන විනයට

පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි මොහාන් පී. ද සිල්වා, දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ලාල් කුලරත්න, සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි පත්මසිරි ද සිල්වා ඇතුළු අය මීට එක්වී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment