විමල්ගේ ජානිපෙ සන්ධානෙන් වෙන්වීම ඉල්ලයි


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක කරු ජයසූරියගෙන් ඉල්ලීමක් කරේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තිබෙන සියලු
දේශපාලන බැඳීම් අත්හරින ලද බැවින්
තමා ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරුන් පස්දෙනා විපක්‍ෂයේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් පිළිගන්නා ලෙසය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ තමන් ඇතුළු මන්ත්‍රිවරුන් පස්දෙනා සියලු දේශපාලන බැඳීම් අතහැර පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් හැටියට කටයුතු කරන බවට මීට අවුරුද්දකට පමණ පෙර ලිඛිතව කතානායකවරයාට භාර දුන්නද කතානායකවරයා ඒ පිළිබඳ තවමත් පාර්ලිමේන්තුවට නොදැන්වීම හේතුවෙන් මන්ත්‍රිවරයකු හා මන්ත්‍රි කණ්ඩායමක් හැටියට ඔවුනට හිමි අයිතිවාසිකම් අහිමි වී තිබෙන බවද වීරවංශ මන්ත්‍රිවරයා පැවැසීය.
එම ලිඛිත ඉල්ලීම අනුව තමන් ඇතුළු එම මන්ත්‍රිවරුන් පස්දෙනා ස්වාධීන කණ්ඩායමක් වශයෙන් පිළිගෙන සභා ගර්භය තුළ හිමිවන අනන්‍ය අයිතිවාසිකම් ලබාදීමට ඉතා කඩිනමින් පියවර ගන්නා ලෙස විමල් වීරවංශ මන්ත්‍රිවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment