ව්‍යාඝ්‍රා නිසා මිය ගිය ළහිරු ගැන විමල්ගේ පුත් විභූති සාක්ෂි දෙයි ශෂී නිසා අධිකරණයේ කලබලයක්


ව්‍යාඝ්‍රා නිසා මිය ගිය ළහිරු ගැන
විමල්ගේ පුත් විභූති සාක්ෂි දෙයි

ශෂී නිසා අධිකරණයේ කලබලයක්

පසුගියදා ආන්දෝලනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අයත් හෝකන්දර පිහිටි නිවසේදී ව්‍යාඝ්‍රා අධි මාත්‍රාවකින් ළහිරු ජනිත් දිසානායක නමැති තරුණයෙකු මියයාම සම්බන්ධ සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි විභාගවූ අවස්ථාවේ විමල්ගේ පුත් විභූති සහ එදින නිවසේ සිටි මිතුරෙතු සාක්ෂි දුන් අතර ශෂී වීරවංශ විසින් අධිකරණ යතුරු ලේඛිකාවක සමග කිසියම් බහින්බස්වීමක් ඇති කරගත් සිදුවීමක්ද වාර්තා වුණා.
කඩුවෙල මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් හමුවේ සිද්ධිය පිළිබඳ විමල් වීරවංශ පුත් විභූති වීරවංශ (19) සිද්ධිය ගැන ඊයේ මෙසේ කියා සිටියේය.
“එදා ඔක්තෝබර් 25 මට හොඳට මතකයි.හවස 4 ට විතර මගේ යාළුවො නිවසට
පැමිණියා.අර්ජුනයි,ඩිලීකයි,ඉසුරුයි,ළහිරු අයියායි ආවේ.අපි උඩ තට්ටුවට ගිහින් කථා කර කර ඉඳලා පස්සේ ටීවී බැලුවා. හවස 6.30ට විතර අම්මා (ශෂී වීරවංශ) නිවසට ආවා.ඒ වෙලාවේ අපි පහළට ගියා. ආයෙත් අපි කථාවට වැටුණා. රෑ 9 ට විතර ළහිරු අයියා එළියට ගිහින් ආයෙත් ආවේ 9.30ට විතර අම්මට වැඳලා අපි උඩට ගිහින් ටීවී බැලුවා.

රෑ 12.30 වෙනකං විතර ටීවී බලල අපි නිදාගත්තා.
මං නිදාගත්තෙ මගේ කාමරේ. අර්ජුනයි,ඉසුරුයි,ඩීලීකයි මගේ කාමරේට අල්ලපු කාමරේ නිදා ගත්තා.ළහිරු අයියා උඩ තට්ටුවේ සාලයේ මෙට්ටයක් දමා නිදා ගත්තා. පහුවදා උදේ අවදි වුනේ 9.30 ට 10 ට විතර.
මං උදේ ආහාර ගන්න පහළට යන විට උඩ තට්ටුවේ ළහිරු අයියා නිදාගෙන ඉන්නව දැක්කා.මම එයාට කථා කළා. කිහිප වතාවක්ම කථා කළා. මම හිතුවෙ එයා විහිළුවට ඉන්නව කියලා. මම ඔහු අසළටම ගොස් අනෙක් පැත්ත හැරෙව්වා.ඒ අවස්ථාවේ ඔහු තුළින් අමුත්තක් දුටුවා. මට බය හිතුණා. පස්සේ පහළ තට්ටුවේ අම්මට ගිහින් කිව්වා. අම්මා විශ්වාස කළේ නෑ. මට බය හිතුණ නිසා පහළට වෙලාම හිටියා. අම්මා ළහිරු අයියගෙ අම්මට කෝල් කරාට පස්සෙ එයා කෑගහගෙන ආවා. පසුව ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා“
විමල් පුතුගේ මිතුරු ඩිලීකද මෙහිදී සාක්ෂි දුන් අතර ඔහු කීවේ ඉහත කරුණු වලට සමාන දේවල්ය.
ඊයේ නඩුව අවසන් කර මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයෙන් පිටවූ පසු විමල් බිරිය ශෂී වීරවංශ සහ ඇය සමග පැමිණි පිරිස විවෘත අධිකරණය තුළදී ප්‍රකාශ සටහන් ලබාගන්නා යතුරු ලේඛිකාව සමග කිසියම් වාදයක පැටලිණි. ශෂී වීරවංශ පවසා සිටියේ යතුරු ලියනය කළ සාක්ෂි පිටපතේ කරුණු අඩු බවයි. ඒවා ඇතුළත් කරන ලෙස ඇය කියා සිටි පසු යතුරු ලේඛිකාව පෑනකින් නැවත එහි සටහන් තබාගන්නා ලදි. කෙසේ වෙතත් නැවත ටයිප් කර ලැබුණ පසු පමණක් තමා අත්සන් කරන බව ශෂී වීරවංශ මහත්මිය එහිදී කියා ඇත.
මෙම අවස්ථාවේ කලබලකාරී ස්වරූපයක් දිස්වූ අතර එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පිරිසේ සිටි අයෙකු චෝදනා කළේ මේ ඇවිත් ඉන්නේ බුද්ධදාසගේ කට්ටිය ලෙසිනි.
මෙම නඩුව නැවත අප්‍රේල් 26 වනදා නැවත කැඳවීමට නියමිතය.

වාර්තාව - අයිරංගි එදිරිසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment