බැඳුම්කරේට මහින්දගෙ නම ගාවන්න හොර ගැසට් එකක් පිට කළ අය ගැන පරීක්ෂණ

වත්මන් රජය සිදුකළා යැයි පැවැසෙන භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ
මහත්මිය ඇතුළු
එම මුද්‍රණාලයේ නිලධාරීන් අද (27දා) දින කැඳවීමට නියමිතය.
ඊට හේතුවී ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නමින්   2015 ජනවාරි 1 දිනැතිව පැරණි දිනයක් යොදමින් නිකුත්ව ඇතැයි කියන අති විශේෂ ගැසට් පත්‍රය ව්‍යාජ ආකාරයට නිකුත් කළ නිර්මාණාත්මක එකක් වීමයි.
මේ සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය නිසා අපුල්සහගත තත්වයක් මතුවී සාක්‍ෂි විමසීම් කරමින් සිටි  ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉකුත් 23 වැනි දින වැඩ කටයුතුද තාවකාලිකව අත්හිටුවන ලදි.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ ආකාරයට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කළ නියෝජ්‍ය
අධිපතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දූෂණ විරෝධී පෙරමුණද මහ බැංකු අධිපතිවරයාට
ලිපියක් යවමින් ඉල්ලා සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment