'කුඩු රොෂාන්' ඝාතන සිද්ධියට තිදෙනෙකු අධිකරණයට බාරවෙයි

'කුඩු රොෂාන්' ඝාතන සිද්ධියට තිදෙනෙකු අධිකරණයට බාරවෙයි

වනාතමුල්ල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන චාමර සදරුවන් නොහොත් වනාතේ කුඩු රොෂාන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අධිකරණයට භාර වී තිබේ.

ඊයේ (08) පස්වරුවේ ඔවුන් අධිකරණයට භාර වී තිබූ අතර ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පසුගිය 05 වනදා වනාතමුල්ල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසලදී මෙම ඝාතනය සිදු කර තිබුණි.

තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ අතර කවුරුන් විසින් මෙම ඝාතනය සිදු කර ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නොතිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේ මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අධිකරණයට භාරවුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment