සයිටම් සිසුන්ට සායනික පුහුණුව හෝමාගම හා අවිස්‌සාවේල්ල රෝහල්වලදී 

සයිටම් සිසුන්ට සායනික පුහුණුව හෝමාගම හා අවිස්‌සාවේල්ල රෝහල්වලදී 

අධිකරණ තීන්දුව පිළිගනිමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට හෝමාගම සහ අවිස්‌සාවේල්ල රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (08) පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

වෛද්‍ය සභාව හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් සම්බන්ධව නඩු තීන්දුව පිළිගැනීමට අකැමැති නම් ඔවුන් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කිරීම යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“ආණ්‌ඩුවට අධිකරණ තීන්දුව වෙනස්‌ කරන්න බැහැ. මාලබේ සිසුන්ට සායනික පහසුකම් සපයන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉඩ දුන්නේ නැහැ. උසාවි ගිහිල්ලයි සායනික පුහුණුවට අවිස්‌සාවේල්ල හෝමාගම රෝහල් වෙන් කර ගත්තේ. නමුත් තාමත් ඒ රෝහල්වලට සායනික පුහුණුවට ඉඩ දෙන්නේ නැහැ. උසාවි තීන්දුව පිළිගන්න ආණ්‌ඩුව සූදානම් වෛද්‍ය සභාව තමයි උසාවි තීන්දුව පිළිගන්නේ නැත්තේ. අපි ඉදිරියේදී අධිකරණයේ සහාය ඇතිව ඒ රෝහල්වල පුහුණුව ලබා දෙන්න සූදානම්. අපි තමයි නිදහස්‌ අධ්‍යාපනය ඇරඹුවේ. එය අපි පෝෂණය කරගෙන පවත්වා ගෙන යනවා. ඒ අනුව ඉදිරියේදී වයඹ, රුවන්පුර රජයේ වෛද්‍ය විද්‍යාල දෙකක්‌ අරඹනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රමිතිය ආරක්‍ෂා කරගත යුතුයි.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment