ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය සමග යානයක් රාජකීය ගුවන් හමුදා භාරයට (PHOTOS)   

ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය සමග යානයක් රාජකීය ගුවන් හමුදා භාරයට (PHOTOS)   

ශ්‍රී ලන්කන් ගුවන් කාර්ය මණ්ඩලය සමගින් කල්බදු ක්‍රමය යටතේ පාකිස්ථාන ගුවන්සේවයට ලබාදුන් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ ආරක්ෂාව යටතට ගෙන තිබේ.

PK - 757 ගුවන් පියාසර අංකය යටතේ පාකිස්ථානු ප්‍රිමියර් සේවය සඳහා යොදාගැණුනු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ 330 යානය මෙම සිදුවීමට මුහුණපා තිබුණේ ලාහෝර් සිට එංගලන්තයේ හීතෘ ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල ගුවන් යානය එරට ආරක්ෂාවට තර්ජනයක් බවට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් හේතුවෙන් එංගලන්ත ගුවන් සීමාවේදී එරට රාජකීය ප්‍රහාරක ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා 2 ක් යානය ලුහුබැඳ ඇති බවත් පසුව එංගලන්ත රාජකීය ගුවන් හමුදාව යටතට ගෙන ඇති බවද එම විදෙස් වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් කාර්ය මණ්ඩලය සමගින් මගීන් 150 ක පමණ ඒවන විට යානය තුළ සිට ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

හමුදා ආරක්ෂාව යටතේ එරට වේලාවෙන් පස්වරු 3 ට පමණ පාකිස්ථානු ගුවන් යානය එංගලන්තයේ ස්ටෑම් ස්ටේට් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමකට ලක්කර තිබේ.

එම අවස්ථාවේ ගුවන් යානයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත්කළ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ එහිදී කලහකාරි ලෙස හැසිරුණු 52 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම යානය පැහැර ගැනීමට සැලසුමක් නොතිබූ බව එරට පොලීසිය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව වාර්තා වේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment