සමයං නිසා ජේලර් හා නියාමකත් මරුට


අද උදෑසන බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක සමයං (30) ඇතුළු අය බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී කළුතර එතනමඩල ප්‍රදේශයේ එම බස් රථයට නාඳුනන පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් නිසා 7 දෙනෙකු මියගියා.
සිද්ධිය ස්ථානයේ 6 ක් හා පසුව රෝහලේදී එක් අයෙකු (ජේලර් වරයා) මියගියා.
එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් සහ සැකකරුවන් මෙසේයි.
* එස් සන්නිගම් - බන්ධනාගාර නියාමක
* එස් ආර් විජේරත්න - බන්ධනාගාර ජේලර්
* එම් පී අරුණ උදයංග පතිරණ (සමයං)
* සන්තක චලන තිලක් මල්ලිකාගේ
* කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්
* වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර
* ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර

තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගත කර ඇත.කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔවුන් වෙඩි තැබීමෙන් පසු පළා ගිය බවත් වාර්තාවේ.
 ඉහත ඡායාරූප වලින් දැක්වෙන්නේ බස් රථයේ දොර ළඟ සමයං ඇද වැටී සිටි ආකාරයයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment