CNN, BBC ඇතුළු ප්‍රධාන මාධ්‍ය වලට ට්‍රම්ප්ගේ නියෝගයෙන් ධවල මන්දිරය තහනම්

ලෝකයේ මේ දක්වා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉහළින් කථා කළ ඇමරිකාව තම නව ජනපතිවරයාගේ තද ප්‍රතිපත්ති මත අසරණවූ පුවතක් ඊයේ වාර්තා වුණා.
ඊයේ ධවල මන්දිරයේ
පැවති මාධ්‍ය හමුවකට පැමිණි ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධාන රැසකට ඇතුළුවීම අවහිර කිරීම නිසා මෙම සංසිද්ධිය මතු විය.
 ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් කාර්යාලයේ පැවති රැස්වීම සඳහා ඇතුළු කරන ලේඛනයෙන් ඉවත් කර තිබුණ මාධ්‍ය අතර BBC,CNN,නිව් යෝර්ක් ටයිම්ස් , ලොස් ඇන්ජලීස් ටයිම්ස්, පොලිටිකෝ, BuzzFeed, ගාඩියන් මාධ්‍ය විය.
ට්‍රම්ප්ගේ නියෝග මත මෙම වාරණය පැනවූ බව දන්වා තිබුණි.පසුගිය කාලයේ ට්‍රම්ප් සම්බන්ධයෙන් මෙකී මාධ්‍ය විවේචනාත්මක පුවත් පළ කිරීම නිසා මෙම තීරණය ලබාගෙන තිබෙන බව දැනුම් දෙන ලදි.
මෙම තීරණය නූතන යුගය තුළ පෙර නොවූ විරූ වාරණයක් ලෙස දක්වමින් මාධ්‍යවේදීන් විරෝධය පළ කරන ලදි.
නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ සුප්‍රකට ප්‍රධන කර්තෘ Baquet මෙම සිදුවීම ගැන ලියා තිබුනේ "මෙවැනි දෙයක්  අපගේ පුවත්පත් දීර්ඝ ඉතිහාසයේ කවදාක හෝ ධවල මන්දිරයේ දී සිදු වී නැත.  නිදහස් මාධ්‍යයන්හි විනිවිදභාවය අවහිර කිරීම ඉදිරියේ රජය වෙත තීරණාත්මක බලපෑම් සඳහා හේතුවනු ඇත " ලෙසිනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment