ඔක්කොම 8224 යි සා.පෙළ ඉතිහාසයේ වැඩිම ඒ 9 සාමාර්ථ මෙවරයි


මෙවර අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ නවයම ලැබූ සිසුන් 8224ක්

සිටින  බවත්
එය ඉතිහාසයේ විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලැබූ වැඩිම ප්‍රමාණය බවත් විභාග
කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා දන්වා සිටී.
පසුගිය 2015 වර්ෂය තුළ විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ 6102ක් වාර්තා වූ බවත් ඊට සාපේක්ෂව
මෙවර එය 2122ක ඉහළ යාමක් බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
පසුගිය වසර හතර තුළ විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලැබූ ප්‍රමාණය අනුව 2014 වර්ෂය තුළ
විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ 5271ක්ද 2013 වර්ෂය තුළ 5737ක්ද 2012 වර්ෂය තුළ 4509ක්
ලෙසද වාර්තා වන බවත් ඒ අනුව ඉතිහාසයේ විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලැබූ වර්ෂය ලෙස 2016
වර්ෂය ඉතිහාසගතවන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment