සිසුන් පාසල් කාලය තුළ උද්ඝෝෂණවලට බෑ - චක්‍රෙල්ඛයක්

පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණවලට සහභාගි කරවා ගැනීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය
විසින් චක්‍ර‍ලේඛයක් නිකුත් කර තිබේ.
එමෙන්ම බාහිර පුද්ගලයින් හෝ
කණ්ඩායම් අවසරයකින් තොරව පාසල්වලට ඇතුළුවීම හා සිසුන් ඇමතීමද අදාළ
චක්‍ර‍ලේඛය මගින් තහනම් කර තිබේ.

එම චක්‍ර‍ලේඛයට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ පළාත් අධ්‍යාපන ‍ලේකම්වරුන්ගේ හෝ පළාත්
අධ්‍යක්ෂවරුන්ගේ විශේෂ අවසරයකින් තොරව පාසල් කාලය තුළදී සිසුන් පාසලෙන් පරිබාහිරව විවිධ
උද්ඝෝෂණ වැඩසටහන්වලට සහභාගිවීමට අවස්ථාව ලබා නොදිය යුතු වේ. එමෙන්ම පාසල්වලට අවසරයකින්
තොරව බාහිර පුද්ගලයන් හෝ කණ්ඩායම් ඇතුළුවීම හා පන්ති කාමරවලට ගොස් සිසුන් ආමන්ත්‍රණය කිරීම හා
ගුරුභවතුන් හමුවීමට අවස්ථාව ලබා නොදිය යුතු බවද අදාළ චක්‍ර‍ලේඛයේ සඳහන් කර ඇත.

අදාළ උපදෙස් නොපිළිපැදීමෙන් ඇති වන කවරාකාරයක අර්බුදකාරී තත්ත්වයක වුවද පාසල්වල
විදුහල්පතිවරුන්, පෞද්ගලිකව වගකිවයුතු බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම මෙවැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ
‍ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් එම චක්‍ර‍ලේඛය ‍පොලිස්පතිවරයා වෙතටද යවා තිබේ.

(සවන්ති රත්නායක)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment