ත්‍රිරෝද රියෙන් මොන්ටිසෝරි ගිය දරුවා එම රථයටම බිලි

ඊයේ (2දා) උදේ පෙර පාසල් යෑමට ආ අවුරුදු පහේ දරුවකු තමා පැමිණි ත්‍රිරෝද රියටම යට වී මිය යෑමේ පුවතක් කලවාන හඟරංගල ගමෙන් වාර්තා වේ. මෙසේ අවාසනාවන්ත මරණයකට ගොදුරු වී ඇත්තේ කලවාන හඟරංගල පදිංචිව සිටි ඩී. ටී. කවීෂ නමැති පස් හැවිරිදි දරුවෙකි.

දරුවා දිනපතා පෙර පාසලට
පැමිණෙන්නේ ත්‍රිරෝද රථයකිනි. මෙදින සිරිත් පරිදි ත්‍රිරෝද රියෙන් එද්දී පිටතට විසි වී එම රියටම යට වී හිස පොඩි වීමෙන් රෝහලට ගෙන යද්දී මිය ගොස් තිබේ.

ත්‍රිරෝද රියේ නියමිත ගණනට වඩා සිසුන් රැගෙන ගොස් ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ දරුවන් හත් දෙනකු ගමන් කරමින් සිටි බව පොලිසිය කියයි. ත්‍රිරෝද රියේ ආරක්ෂක පැති සවි කර නොතිබුණ බව පොලිසිය පවසයි.

සිද්ධිය වී ඇත්තේ ත්‍රිරෝද රිය පෙර පාසල පිහිටි රද්දැල්ලට ගමන් කරමින් සිටියදීය. එම පාරේ පිහිටි වළවල් සහිත දුෂ්කර තත්ත්වය නිසා දරුවා ත්‍රිරෝද රථයෙන් විසි වන්නට ඇතැයි පොලිසිය කියයි.

කලවාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(කලවාන - සේන ජයකොඩි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment