යුරෝපයේ සුවිසල්ම කංසා ෆැක්ටරිය එංගලන්තයේදී වටළයි

මෑත කාලයේ වාර්තාවූ විශාලතම නීති විරෝධීව කංසා වගා කරන ස්ථානයක් එංගලන්තයේ නිරිතදිග විල්ට්ෂයර් ප්‍රදේශයේදී වැටළීමට එරට පොලිසියට හැකිව තිබේ.
1980 ගණන්වල න්‍යෂ්ඨික පර්යේෂණ සඳහා භාවිතා කර අතහැර දමන ලද බංකරයක් මෙම කංසා වාගාව සඳහා කෘතිම ලෙස යොදාගෙන තිබුණි. එහි ඇතුළත කාමරවල හා තැන් තැන් වල විශාල ප්‍රමානයේ
මල්පෝච්චිවල මෙම වගාව ජයටම කරගෙන ගොස් ඇත්තේ දිගු කාලයක පටන්ය. එම නිෂ්පාදනය වියළා ඇසුරුම් කිරීමේ සියලුම
යන්ත්‍ර සූත්‍රද ඒ තුළ ගාල් කොට තිබී හමුවී ඇත.

මෙම ස්ථානය ගැන ලැබුණ ඔත්තුවක් මත පොලිසිය රාත්‍රී කළ වැටළීමේදී ඒ තුළ සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බෙදාහැරීමට සූදානම් කර තිබුණ කංසා තොගයේ දළ වටිනාකම යුරෝ මිලියන 1 කට වැඩි බව ගණන් බලා තිබුණි.

මෙම ගොඩනැගිල්ල එරට ආරක්ෂක අමාත්‍යංශයට මින් ඉහත අයත්ව තිබුණත් දැන් එහි අයිතිකරුවෙකු නොවූ අතර භූගත බංකරයේ තට්ටු 2 ක කාමර 20ක මෙම වගාව කෘතිම ලෙස සිදු කර තිබුණි.න්‍යෂ්ඨික කිරණ වැළැක්වීමට සැකසූ විශාල දොරවල් නිසා මෙම ජාවාරම කලක් තිස්සේ රහසක් ලෙස පවත්වා යන්නට හැකියාව ලැබී ඇත.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment