දුමින්ද සිල්වා වත්කම් බැරකම් නඩුවේ වරද පිළිගනී දඩය 3000/-


දුමින්ද සිල්වා වත්කම් බැරකම් නඩුවේ වරද පිළිගනී
දඩය 3000/-
පැමිණියේ උදරයේ වෙළුම් පටි සමග රෝද පුටුවෙන්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවකට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අද (06) ගිලන් රථයකින් වෙනත් නඩුවක් සඳහා අධිකරණය වෙත පැමිණියා.
ඒ වසර 3කට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ
ඉදිරිපත් නොකළ බවට ඔහුට එරෙහිව පැවති නඩුවටය.
එහිදී හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා අධිකරණය හමුවේ තමන් කර ඇත්තේ වරදක් බව පිළිගෙන තිබේ.

2011, 2013 සහ 2014 වසරවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩු ගොණු කර තිබුණි.
එය පවරා තිබුනේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගිනි.
ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල තීරණය කළේ දුමින්ද සිල්වාට රුපියල් තුන්දහසක දඩයක් නියම වූ අතර මෙම දඩ මුදල නොගෙවන්නේ නම් එක් එක් නඩුවට මසක සිරදඬුවමක් නියම කිරීමටත් නියෝග කෙරුණා.
ඔහු අද අධිකරණයට රෝද පුටුවක ආධාරයෙන් පැමිණ සිටි අතරම ඔහුගේ උදරය වටා අඩියක පමණ පළලින් යුත් වෙළුම් පටියක් ඔතා තිබුණි.
වරද පිළිගැනීමෙන් පසු ඔහු නැවත රෝද පුටුවෙන් ගොස්  වාහනය වෙත නගින අවස්ථාවේ ඡායාරූප පහතින්


Pix Courtesy By -nethnews.lk
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment