මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස 40 කට හානි 7 කට තුවාල පුද්ගලයින් රැසක් අතුරුදන්


කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී
නිවාස 40 කට හානි 7 කට තුවාල
පුද්ගලයින් රැසක් අතුරුදන්



අද (14) ප.ව 3.00 ට පමණ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කසල බැහැර කිරීමේ ස්ථානයේ විශාල කුණුගොඩෙක කොටසක් නායයාමට ලක්ව තිබේ. ඒ හේතුවෙන් ඒ අසළ පදිංචිව සිටි නිවාස රැසක් යටවී ඇති අතර ඒවායේ වාසය කළ අය අතුරුදන්ව නිවාස හානිද සිදුව තිබේ.
කුණු කන්ද නායයාමට පෙර එහි කොටසක් ගිනි ගත් බවද
වාර්තා විය. නායයාමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවද වාර්තා විය.කුණු කන්දේ අවට නිවාස 100 ක් පමණ තිබුණ අතර කොටසක් කඩා වැටීමෙන් නිවාස 40 කට පමණ හානි සිදුව ඇති බව වාර්තාවේ. සිද්ධියෙන් තුවාල ලැබූ 7 දෙනෙකු මේවන විට ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට
ඇතුළත් කර තිබේ.

ඇතැම් අය කන්දට යටවී අතුරුදන්ව ඇති බව පැවසෙන අතර ඒ අය තවම සොයාගෙන නැත.
මේ අතර කුණු කන්දේ ගිනි ගත් ඉහළ කොටසේ බැකෝ යන්ත්‍රයක්ද ගින්නට හසුව ඇති බව වාර්තාවන අතර ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යෙදවූ බව ගුවන් හමුදාව පවසයි.

මේ අතර එම ස්ථානයට ගිනි නිවීම් සේවා රථ 6 ක් පිටත් කර යවා ඇති බවද වාර්තා විය.
 වහා මැදිහත්වී පීඩාවට පත්වූවන්ට සහන සලසන ලෙස හා තත්ත්වය පාලනය කරන ලෙස ජනාධිපති උපදෙස්දී ආපදා කළමනාකරණ අමාත්‍යංශයට හා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
අනතුරට පත් පුද්ගලයින් මුදවාගැනීමට හා සහන සැලසීමට බාධාවන බැවින් එම ප්‍රදේශයට ළඟාවීමෙන් වළකින ලෙස රජය ඉල්ලීමක්ද කර තිබේ.
කුණු කන්දට යටවූවන් සෙවීමේ කටයුතුද ආරම්භවී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment