තමාට අම්මා මල්ලී හැර කිසිවෙකු නැතැයි කියන කවින්ද්‍යා

අතුල සමිතා ගායක යුවළගේ දියණිය කවින්ද්‍යා අධිකාරී
ඇගේ ඉන්ස්ටග්‍රෑම්
ගිණුම ඔස්සේ පසුගියදා ප්‍රචාරය කරන ලද පණිවිඩයක් බොහෝ අයගේ කථාබහට ලක්ව තිබුණි.
එහි සටහන්ව තිබුනේ තමාගේ ජීවිතයට මල්ලී හා අම්මා හැර වෙනත් සරණක් නැති බවයි.
එය පහත පරිදිය.




එම සටහන තැබීම සම්බන්ධයෙන්ද ඇය දැන් අදහස් දක්වා තිබේ.ඒ මෙසේය.

‘මිනිස්සු අපේ ජීවිතේ ගැන ඇත්ත දන්නේ නැතුව කතා කරනවා. බොරු දේවල් මවා පාලා කතා කරන්නේ. ඒ නිසයි මං මට හිතුණු දේ ඒ විදිහට සටහන් කරේ.
 මම අම්මා මල්ලි සමග අපි ජීවත් වෙන්නේ හරිම සතුටින්. කවුරු කොහොම මොන විදිහට කිව්වත් අපි ඒවා අපේ ජීවිතයට එකතු කරගෙන දුක් වෙන්නේ නැහැ. මේ ලංකාවනේ. ලංකාවේ මිනිස්සු අනිත් අය
ගැන කතා කරන්න හොදට දන්නවා. අපිට බැහැ ඔය කතා නතර කරන්න. මොන දේ කිව්වත් අපි හිතන්නේ නැහැ. කියන කතා හැටියට අම්මි වුණත් මානසිකව වැටිලා නම් හෝ පිළිගැනීමක් නැති නම් අම්මි සංගීත
ක්ෂේත්‍රයේ වුණත් මේ විදිහට ඉන්නේ නැහැ. අපි කවුරුත් සතුටින් ඉන්න නිසා තමයි අපි අපේ වැඩ කරගෙන හොදින් ජිවත් වෙන්නේ.
අම්මා තමයි මගේ ජීවිතේ හැම දෙකටම ළඟින් ඉඳලා මග පෙන්වන්නේ. අම්මි තමයි මගේ හැමදේම. ඒ වගේම මල්ලි. මම ගීතයක් කරාට පස්සේ ඒ දෙන්නව ලඟ තියලා අහන්න දෙනවා. ගීතයේ තියන සියලුම
වැරදි ටික කියන්නේ මල්ලි. අම්මි නම් ලස්සයි කියලා මට ශක්තියක් වෙනවා. මල්ලි මට ආදරෙයි මමත් මල්ලිට ආදරෙයි. එයාගේ වයස අවුරුදු 15ක් වුණාට එයා තමයි ගෙදර සේරම වැඩ බලන්නේ. නිදා ගන්න
කලින් ගෙදර ආරක්ෂාව කොහොමද කියලත් බලනවා. ඇත්තටම කිව්වොත් අපේ ආරක්ෂකයා ඔහුයි.‘


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment