දෙරණ ජනපතිගේ කතාව විකෘති කර ඇති බව හෙළිවේ



අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුරින් ඉල්ලා අස්වන්නටද බලපෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැත්වූ කතාවක් මගින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කිරීම වැරදි බවටද කරුණු
ගෙනහැර දැක්වූ අතර ඒ දිනවල එය ආන්දෝලනයක් ඇති කර විශාල කථාබහක් රටතුළ ඇති කළේය.
නමුත් පසුව වාර්තාවූයේ එම කතාව
ජනපතිවරයා පැවැත්වූ කථාව සංස්කරණය කර අවශ්‍ය කොටස් කපා කොටා ඇමිණීමෙන් කිසියම් පිලකට වාසිවන ආකාරයට නිර්මාණය කළ කතාවක් බවයි.
ජනපතිවරයාගේ කතාව විකෘති කරමින්, වරින් වර වාර්තා කළ බව කියන සිද්ධියකට අදාළව දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් එම මාධ්‍ය ජාලය චෝදනා 05කට වරදකරු බව තහවුරු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම සඳහා දින 14ක් ඇතුළත කරුණු දක්වන්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබේ.

අදාළ චෝදනා සහිත ලිපිය පහතින් දැක්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment