අධික සුළං නිසා අනුරාධපුරයේ හානි


අධික වර්ෂාව සමග අනුරාධපුර නගරය හමාගිය තද සුළං තත්වය හේතුවෙන් ඇතිවූ ගස් කඩා වැටීමෙන් නිවාසයකට  වෙළදසැල් තුනකට හා රථ වාහන තුනකට  බරපතල අලාභ හානී සිදුවී පුද්ගලයන් හය දෙනෙකු
තුවාල ලබා තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටින් දිවෙන හරිස්චන්ද්‍ර මාවතේ තිබූ විශාල ප්‍රමාණයේ කීරිය ගසක් කඩා වැටීමෙන් කුඩා ලොරි රථයක් හා ත්‍රිරෝද රථ දෙකකට බරපතල අලාභ හානී සිදුව තිබුණි.අනතුරින් ලොරි රථය චප්පවී
ගොස් තිබූ අතර එම ගස කඩා වැටෙන අවස්ථාවේ කිසිවෙකු එහි සිටියේනම් ඔහුගේ දිවි තොරවීමට ඉඩ තිබුණි.
එම සිද්ධිය සිදුවන අවස්ථාවේ එක් ත්‍රිරෝද රථයක සිටි මවක හා කුඩා දියණියක ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇතත් ඔවුන් දෙදෙනාට සුළු සීරීම් තුවාල සිදුව තිබේ.ගස කඩා වැටීමෙන් හරිස්චන්ද්‍ර මාවතේ ගමනා ගමනයට පැය හතරක පමණ කාලයක් බාධා එල්ලවූ අතර අනුරාධපුර මහ නගර සභාවේ නිළධාරීන් හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් එක්ව ගස කපා ඉවත්කිරීමට කටයුතු කළහ.
අනුරාධපුර මූලස්ථාන පොලිසිය ආසන්නයේ පිහිටි වටරවුම ආසන්නයේ සවිකර තිබූ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් නගර දැඩි මාර්ග තදබදයක් ඇතිවූ අතර අනගාරික ධර්ම පාල මාවත හරහා විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේද විශාල වාහන තදබදයක් ඇතිවී තිබුණි.විදුලි රැහැන් මතට විශාල ගස්කඩා වැටීමෙන් නගරයේ විවිධ ස්ථානවල විදුලියද විසන්ධිවී තිබුණි.
හමාගිය තද සුළං තත්වය නිසා අනුරාධපුර මාතලේ හංදිය ප්‍රදේශයේ නිවසක් මතට විශාල කොස් ගසක් කඩා වැටීමෙන් නිවසට බරපතල අලාභ සිදුව තිබූ අතර අනුරාධපුර නගරයේ පිහිටි වෙළදසැල් කිහිපයක වහල ගැලවී යාමෙන් එම වෙළදසැල්තුල තිබූ භාණ්ඩ රැසකටද හානී සිදුව තිබුණි.එම සිදුවීම් වලට මුහුණදුන් පුද්ගලයන් සිව් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment