කුණු කන්දෙ මරණ ඇෆ්ගනිස්තානෙට එහා - මහින්ද

පෙරේදා (15දා) මැදමුලන කාල්ටන් නිවෙසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටි අදහස් පහත පරිදිය

''මහ බෝම්බයක් දාපු වෙලාවේ ඇෆ්ගනිස්තානයේ මරුණේ තිස්හය දෙනයි. කුණු කන්දකින් ජනතාව විස්සකට වැඩි ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. දැන් ආණ්ඩුව වහාම මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි.

අවුරුදු උදාවත් සමඟ සියලු ජනතා කොටස් වෙත කනගාටුව අපි ප්‍රකාශ කරන්න ඕන. මිය ගිය අයගේ ඥාතීන්ට අපි ශෝකය ප්‍රකාශ කරනවා.

එක පවුලක්ම මිය ගියා අපි හොදාකාරවම දන්න. අපි එක්ක කිට්ටුවෙන් කටයුතු කරන මේනකා මැතිනිය ඇතුළු සිය පවුලම මේ සිදුවීමෙන් මිය ගිහින් තියෙනවා. ඒ නිසා ඒ හිතවතුන්ට ඥාතීන්ට අපි ශෝකය ප්‍රකාශ කරනවා. මුළු රටම ශෝක විය යුතු දිනයක්. මේ ඛේදවාචකය උහුලන්නට පුළුවන් කමක් නැහැ.
මේ ප්‍රශ්නය අවුරුදු ගණනාවක් කතා කරන දෙයක්.

ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ තිබුණා කුණු මෝල. හැමදාම එතැනට අරගෙන ගිහිල්ලා පුච්චනවා.
ඒ වගේ හැම ප්‍රාදේශීය සභාවක් තුළම මෙය කෙරෙනවා නම් තමන්ගේ කුණු ටික තමන් පුච්චගන්නවා නම් ප්‍රශ්න දුර දිග යන්නේ නෑ.
මහා පරිමාණයේ ව්‍යාපෘති කරන්න ගිහින් තමයි ඉස්සරහට යන්න බැරි වුණේ.
මට මතකයි ඒ කාලයේ කිහිප වතාවක්ම සාකච්ඡා කළා. මට මතකයි පළාත් සභාවටත් ආවා. මේක පළාත් සභාවේ ප්‍රශ්නයක් අපේ ප්‍රශ්නයක්, නොවෙයි කියනවා මහ ආණ්ඩුව. පළාත් සභාව කියනවා මේක අපේ වැඩක් නොවෙයි මහ ආණ්ඩුවේ වැඩක් කියලා. මේ වගේ කඹ ඇදිලි දිගින් දිගටම පැවැතුණා ඒ කාලේ.
ඒ නිසා මේක යම් ස්ථීර ප්‍රතිපත්තියක් ඇතුව මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න ඕන.
 ඒ වගේම ඔවුන් හොඳ පරිසරයක පදිංචි කරන්න ඕන මුලින්ම. ඒ කුණු කන්ද වටේට ඉන්න ජනතාව වහාම වෙනත් තැනක පදිංචි කරන්න කටයුතු කරන්න ඕන ඉක්මනින්ම''
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment