ගයාන්ගෙ රට ඉන්න බිරියට පෙම්වතෙක් ඉන්නවාලු - චතුරිකා

පසුගිය දිනවල රට තුළ කථාබහක් ඇති කළ ගයාන්-චතුරිකා පෙම් යුවළ අතරට දරුවෙකු පැමිණීමේ සිද්ධිය හා දරුවාගේ මව විදේශයක සිට කළ ප්‍රකාශයට අදාළව එෆ් එම් නාලිකාවක් මගින් ප්‍රකට ටෙලි නිළි චතුරිකා
පීරිස් අමතා
විමසීමක් කර තිබේ.
එම ප්‍රශ්න කිරීමේදී චතුරිකා මෙසේ කියා ඇත.

‘මම ඒ කිසිදෙයක් ගැන හිතන්නේ නැහැ. මොකද ඇත්ත කවදා හරිම එළිවෙන නිසා. මම නම් අනුන්ගේ
දේවල් හොයන්න යන්නේ නැහැ. නමුත් ඔය කතා හොයන මිනිස්සු හරහා හෝ ඇත්ත හරිම ඉක්මනට එලියට
එයි.දැනටමත් ඇත්ත 60% ක් විතර එළියට ඇවිත් තියෙන්නේ. ඔය විදිහට ඇය මඩ ප්‍රචාර යවන්නේ ඇයි
කියන්න දන්නේ නැහැ. දරුවා මිට වසර එකයි මස දෙකකට කලින් දරුවාව අපිට භාර දුන්නේ ඇයි ..?
ඇයි රට ගියේ ..?රට ගියේ කගේ වුවමනාවටද කියලා ඇය දන්නවා. දරුවාව ඕන නම් අපිට දුන්න
කාලේම ඉල්ලා ගන්න තිබුනා. මොනා වුණත් ඇගේ හෘද සාක්ෂිය දන්නවා ඇති මොකක්ද ඇත්ත කියලා.
විදෙස් ගතව ඉන්න  එයාට පෙම්වතෙක් ඉන්නවා කියලා තමයි අපිටත් ආරංචි වුණේ .
පුතා දවස් දෙකක් ඇයට කතා කරලා තිබුණා. එක දවසක ඇය කතා කරලා බිසී කතා කරන්න වෙලාවක්
නැහැ කියලා ෆෝන් එක තියලා අනිත් දවසේ ආන්ස්වර් කරලා නැහැ. ඊට පස්සේ පුතා කතා කරන්න
උත්සහා කරලා නැහැ.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment