මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය

මේජර් ජනරාල්වරයාගේ නිවසේ වැඩ කළ
ලාන්ස් කෝප්‍රල්ගේ අභිරහස් මරණය


ගජබා රෙජිමේන්තුවේ සේනා විධායක මේජර් ජෙනරාල් උභය පෙරේරාගේ කඳානේ පිහිටි නිවසේ රාජකාරි කළ සෙබලෙකු
හදිසියේ මියයාම මේ වනවිට සැකයට තුඩුදුන් මරණයක් බවට පත්ව තිබේ.
ඔහු ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට එක් අවස්ථාවකදීත් රිය අනතුරක් නිසා මියගිය බවට තවත් අවස්ථාවකදීත් ඥාතීන්ට දන්වා තිබීමත් මළ සිරුර සිවිල් ඇඳුම් අන්දවා භාරදෙන තුරු
ඥාතීන්ට කිසිවක් දැනගන්නට නොහැකිවීමත් සැකයට හේතුවී තිබේ.
මියගිය ලාන්ස් කෝප්‍රල් බී.ඩී.එම් සෙනෙවිරත්න මේජර් ජනරාල්වරයාගේ නිවසේ අරක්කැමියෙකු ලෙස සේවය කරන ලද අයෙකි. අවසන් වරට නිවාඩුව සදහා පැමිණි මෙම සෙබලා පසුගිය 31 වනදා රාජකාරි සදහා පිටත්ව ගොස් ඇති අතර ඔහුට සිය දිවි නසාගන්නට තරම් හේතුවක් නොතිබූ බව මව්පියන් හා හිතවතුන්ද පවසා තිබේ.
දින කිහිපයකට පසු පැමිණි යුද හමුදා නිලධාරින් ඥාතීන්ට දන්වා ඇත්තේ ලාන්ස් කෝප්‍රල්වරයා හදිසි
අනතුරකට ලක්ව ඇති බවයි.  පසුව දන්වා ඇත්තේ ගෙළ වැළලාගෙන මියගිය බවයි. සිරුර පමණක් නිවැසියන්ට භාර දෙන අවස්තාව දක්වා කුමක් සිදුවීද යන්න හරිහැටි පැහැදිලි කර නැත.
කෙසේ වෙතත් මේ ගැන ඇතිවූ සැකය මත ඥාතීන් රාගම රෝහලෙන් විමසූ විට පසුගිය කාලයේ එවැනි රෝගියෙකු අනතුරක් හෝ කිසිදු හේතුවක් මත ඇතුළත් කර නොමැති බව තහවුරු කර තිබේ. පොලිසියෙන් විමසූ විට මෙවැනි සිද්ධියක් තමන්ට
වාර්තා වී නොමැති බව දන්වා ඇත.
ඒ නිසා මරණය සැකයට තුඩුදී ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සෙබලාගේ ඥාතීන් කැකිරාව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙයි.
ඥාතීන්ගේ සැකය මත අද දිනයේදී යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment