වැල්ලවත්තේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - 21 ක් රෝහලට


වැල්ලවත්තේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි 
- 21 ක් රෝහලට

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් අද උදෑසන 11 ට පමණ කඩා වැටී තිබෙනවා.
මේ වන විට තුවාලකරුවන් 21 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මේ වනවිට එම ප්‍රදේශයට වර්ෂාවද ඇද හැලෙමින් පවතින අතර
දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇත.

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසළ චාර්ලිමන්ත් පාරේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ 15 ක් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යවා ඇත.
කඩා වැටුණු ගොඩනැගිල්ල උත්සව ශාලාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් බව වාර්තා වන අතර අද දින එහි උත්සවයක් නොපැවති නිසා අනතුරට පත්වූ පිරිස අඩුවන්නට ඇති බව සැක කරයි.
 මහල් 5 කින් යුත් එම ගොඩනැගිල්ල පසුගිය දිනවල අලුත් වැඩියා කරමින් පැවති බවද පැවසේ.
කළුබෝවිල රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, තුවාල ලැබූවන් එම වැඩ බිමේ සේවකයින් බවයි.
මේ අතර කොළඹ ගිනිනිවීම් ඒකකය සඳහන් කළේ, ගිලන් රථ 2ක් ඇතුළු ආපදා රථ 6 ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි.
අද උදෑසන 11 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර
කඩාවැටුණ ගොඩනැගිල්ලේ එක් කොටසක් තවත් ගොඩනැගිල්ලක ඇලවී පවතින නිසා තවදුරටත් ඒ අවට අනතුරුදායි තත්වයක් පවතින බවත් සිද්ධිය නරඹන්නට නොපැමිණෙන ලෙස බලධාරීන් දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment