ලංකාවට ආවෙ නෑ කියූ වන්නාක්‍රයි වෛරසය කොළඹ ආයතනයකට ඇවිත්

පසුගිය සතියේ සිට ලෝකයේ විශේෂ මාතෘකාවක් බවට පත්වෙමින් කථාබහට ලක්වූ වන්නක්‍රයි නමැති කප්පම් ඉල්ලන ගණයේ පරිගණක වෛරසය ශ්‍රී ලංකාවට බලපෑවේ නැති බවට වාර්තා පළව තිබූ නමුත් ඊයේ
16 මුල්වරට එය
තම පරිගණකයට ගොදුරුවූ බව එක්තරා ආයතනයකින් දන්වා ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (සර්ට්) නිවේදනය කර තිබේ.
කොළඹ පරිගණක සම්බන්ධ ආයතනයකට මෙම වෛරසය බලපා ඇති අතර සර්ට් කණ්ඩායම එහි ගොස් පරීක්ෂා කර බැලීමේදී අදාළ පරිගණකය ප්‍රතිවෛරස මෘදුකාංගයක් හෝ යාවත්කාලවූ පද්ධතියකින් නොපැවති බව හඳුනාගෙන ඇත.
මෙම පරිගණකයේ දත්ත වෙනත් තැනකට යොමු කර තිබුණ නිසා ගැටලුවක් ඇතිව නැති අතර කප්පම් ගෙවීමකින් තොරව වෛරසය ආසාදනයවීම
 සකස් කර දෙන්නට ඔවුන් උදව් කර තිබේ.
මේ නිසා ලංකාවේ අය ඉදිරියේදී මෙම වෛරසය ගැන සැලකිලිමත් විය යුතු බවද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (සර්ට්) හි ආරක්ෂක ඉංජිනේරු රොහාන් චන්ද්‍රගුප්ත දන්වා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment