මෝදිගේ හෙලිකොප්ටර් පෙරහුරුවේදී හැටන් වහලවල් ගැලවිලා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කඳුරට
සංචාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට ඊයේ (09දා) සිදුකළ පෙර පුහුණුවීම්වලදී ක්‍රීඩාංගණය අසල වූ හැටන් සමනලගම ප්‍රදේශයේ නිවාස පහක වහල සෙවිලි තහඩු සහ ඇස්බස්ටස් ෂීට් ගැලවී ගිය බව එම නිවැසියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඊයේ (09දා) දහවල් 12.00ට පමණ මේ පෙර පුහුණුවීම් සිදුකර ඇත.
මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ එම හෙලිකොප්ටර් යානා වල ගුවන් නියමුවන් විසින් ඩන්බාර් ක්‍රීඩාංගණය අසල නිවාස කිහිපයක වහලවල් මතට වැලි කොට්ට තබන ලෙසට නිවෙස් හිමියන්ට උපදෙස් දෙන ලෙස පොලිසියට පැවැසූ බවයි.
මෙවැනි පෙරහුරුවක් ඉදිරි දින දෙකේදී සිදු කිරීමට නියමිතය.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment