දෙණියාය, එන්සල්වත්ත, මහවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 6ක දරුවකු කේක් කෑල්ලක් උගුරේ සිරවීමෙන් මියගොස් ඇතැයි දෙණියාය පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගියේ දෙණියාය ශාන්ත මැතිව් මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පළමු වසරේ
ඉගෙනුම ලබමින් සිටි
එස්. ජෙරම් මියුර නමැති පාසල් සිසුවායි. පසුගිය 12 වැනි දින සවස දරුවා කුසගිනි බව පවසා හැඬූ බැවින් නිවෙස ආසන්නයේ තිබෙන වෙළෙඳ සලෙන් කේක් කෑල්ලක් ගෙනත් දුන් බවත් එය දරුවා ආහාරයට ගන්නා අවස්ථාවේ කේක් කැබැල්ලක් සිරවී ඇති බවත් ඉන්පසු දරුවා දෙණියාය මූලික රෝහලට ගෙන ගිය බවත් රෝහලට ගෙන යන අතරතුරදී දරුවා ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත් ඥාතීන් පැවැසීය.මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය දෙණියාය මූලික රෝහලේදී පවත්වා දේහය ඥාතීන්ට භාරදුන් බව පොලිසිය පැවැසීය.
උරුබොක්ක - අතාවුද පතිරණ
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment