කුඩු රෙයිඩ් එකේදී පිළියන්දල පොලිස් නිලධාරියෙකු මියයාම ගැන විශේෂ පරීක්ෂණ

පිළියන්දල මොරටුව මාර්ගයේ රාජ්‍ය බැංකුවක් අසල ඊයේ රාත්‍රී සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු
ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. රාත්‍රී 8.30 ට පමණ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පිළියන්දල ප්‍රදේශයට නිලධාරීන්
පිරිසක් ගමන් ගනිද්දී ඔවුන් ගමන් කළ මෝටර්
රථයට යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි තබා ඇති අතර එක් නිලධාරියෙකු මියගොස් ඇති අතර වෙඩි වටේටම තැබූ නිසා අසල වෙළඳසැලක සිටි කුඩා දරුවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයකු ද තුවාල ලබා ඇත.
තුවාල ලැබු ගැහැණු දරුවෙකුගේ තත්වය බරපතල බවද වාර්තා විය.
වැටලීම මෙහෙයවු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු ද
තුවාල ලබා කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
 පිළියන්දල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් හා පොලිස් නිලධාරියෙකු මියයෑම පිළිබඳව හා පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීම පිළිබඳව නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.
දින 30ක් තුළ මෙම වාර්තාව ලබාදෙන ලෙසට උපදෙස් ලබාදී තිබේ.
අදාළ වාර්තාව සකස් කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතින් මහතා පත්කර තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment