එක රැයින් ලොව කැළඹූ "WannaCry" රැන්සම්වෙයාර් පරිගණක වයිරසයෙන් පරිස්සම් වන්න


පරීශීලකයින්ගෙන් කප්පම් ඉල්ලා
එක රැයින් ලොව කැළඹූ "WannaCry" රැන්සම්වෙයාර්
පරිගණක වයිරසයෙන් පරිස්සම් වන්න


ගතවූ පැය විසිහතර තුළ වේගයෙන් පැතිරුණ පරිගණක වෛරසයක් නිසා ලෝකය පුරා පරිගණක භාවිත කරන්නන් අද අපහසුතාවයන්ට ලක්වුණා.වෙනත් පරිගණක වෛරසයක් මෙන් නොව මෙමගින් පරිගණක ප්‍රහාරයකට ලක්කර කප්පම් ඉල්ලන ගණයේ එකක් ලෙස හඳුනාගෙන ඇත.
බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය සහ තායිවානය ඇතුළු රටවල් 99 ක පරිගණක 60000 කට ආසන්න ප්‍රමාණයක් මෙම වෛරසයෙන් මේ වනවිට අකර්මන්‍යවී ඇත. එම රටවල සෞඛ්‍ය සේවා,ප්‍රවාහන සේවා,සන්නිවේදන සේවා ආදි කටයුතුද අවුල් කරන්නට මෙමගින් කටයුතු යෙදිණි.
කිසියම් ඊමේල් පණිවිඩයක්,පීඩීඑෆ්-වර්ඩ් ඩොකියුමන්ට් එකක් ලෙස පැමිණිය හැකි මෙම රැන්සම්වෙයාර් වෛරසය විවෘත කිරීමට
උත්සාහ කිරීමත්

සමග පරිගණකයක් ආසාදනයට ලක්වන අතර එහි භයානක පැත්ත නම් එමගින් පරිගණකයේ සියලුම ෆයිල්  වලට ක්ෂණයෙන් අගුලු වැටීමයි.

එම අගුලු හැරගන්නට උපදෙස් සපයමින් නිශ්චිත කාලයක් ලබාදී පණිවිඩයක්ද ඉන් පසු දිස්වන අතර එම කාලය තුළදී ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ලෙස bitcoin ක්‍රමයට ගෙවන්නේ නම් අවශ්‍ය මුරපදය ලබාදෙන බවට තර්ජනාත්මක උපදෙසක් එහි ලබාදී ඇත. මෙම වෛරසය ලොව පුරා වින්ඩොස් වර්ගයේ මෙහෙයුම් පද්ධති ඇති පරිගණක වලට පමණක් බලපා ඇති බවට තොරතුරු වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක ප්‍රතිචාර සංසදයද මේ වනවිට නිවේදනයක් නිකුත් කර ඇති අතර විදෙස් වාර්තා ඇසුරින් ආරක්ෂා වීමට උපදෙස් සපයා ඇත.

විශ්ලේෂකයින් දන්වා සිටින්නේ මෙම වෛරසය 2017 අප්‍රේල් සිට බලපවත්වන එකක් බවයි.තමන්ගේ පරිගණක දත්ත වෙනත් තැනකට ගබඩා කරගන්නා ලෙසත්, බාහිර ඊමේල් විවෘත කිරීමේදී සැලකිලිමත් වන ලෙසත් මේ ගැන උපදෙස් සපයා ඇති අතර කප්පම් පණිවිඩය අනුව මුදල් ගෙවන්නට නොයන ලෙසත් දන්වා ඇත.
මෙම ගැටලුකාරී තත්වයෙන් පරිගණක මුදවා ගැනීමට මේ වනවිටත් ප්‍රතිවෛරස මෘදුකාංග සමාගම් කටයුතු සම්පාදනය කරමින් සිටී.
පහත පළවන්නේ පසුගිය මාසයේ මෙම වෛරසය හඳුන්වාදෙමින් කීර්ති දයාවංශ පළකළ සිංහල වීඩියෝවකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment